ගුණ දහම්වඩමු

2025 අප්‍රේල් මස 02 ප.ව. 09:23 - {{hitsCtrl.values.hits}}  

මං හිතන්නෙ මගේ කඳුළු බර වැඩී     වගේ
අසරණ වුණ සතුන් ළඟදි ඇඬෙනවා     වාගේ
මගෙ අම්මත් අක්ක වුණත් මං වගේ     අගේ
අපි  ඔක්කොම හරි ම හොඳයි ඒ මගයි     අගේ

අසරණ වුණු සතුන් දැකලා හිනා     වෙන්නෙපා
පුංචි කුරැලු කූඩුවලට ගල්     ගහන්නෙපා
සත්වයින්ගෙ මස් රස කර උයා     කන්නෙපා
උන්ගේ ජීවිත අයිතිය උදුර     ගන්නෙපා

හැමදාමත් ඔබ හරි මග පමණක්     යන්න
ගුණදහමින් යුතු පිරිපුන් දරැවන්     වන්න
කවදාවත් එපා වැරදි වැඩ     කරලන්න
එතකොට වෙයි මේ ලෝකය ලස්සන     ඔන්න

විශ්මි සංජලි තෙන්නකෝන්
6 ශ්‍රේණිය,
ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...