2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:17 - {{hitsCtrl.values.hits}}
සඳය නුඹ පුන් සිසු අඹර දිලි
නෙක තරැ රුස පරදනා
මවකි නුඹ මට පියා විය නුඹ
සෙනෙහෙ ගඟුලෙන් නහවනා
පහන නුඹමය රනින් නිම කළ
අවිඳු ගනඳුර දුරලනා
හිරැය නුඹ මට සඳුය නුඹ මට
අලුත් දවසක් ගෙන එනා
පඬිදු ගුත්තිල නුඹය බරණැස
නොවෙමි මූසිල කිසිදිනා
නුඹෙ දෙපා යුග වඳිමි අද දින
යෙහෙන් වැජඹෙන් සැමදිනා
සවිඳි චාරැන්ද්‍යා ජයසේකර
12 ශ්‍රේණිය,
ර/ සීවලී මධ්‍ය විද්‍යාලය, රත්නපුර.
![]() |
diary Read more... |