2025 අප්‍රේල් මස 20 ප.ව. 01:37 - {{hitsCtrl.values.hits}}
දිනක් හිවලෙකුට
කුසගිනි දැනී හරියට
කෑම සොයනා විට
නෙත ගැටුණි උගෙ මාළු දැලකට
මා දැල ගන්න ගියේ
කබරගොයි එහි සිටියේ
නරියා පැනලා බයේ
වෙව්ල වෙව්ලා ඈතට ගියේ
සිංහයා ළඟට ගොස්
කීවා කබර ගැනදොස්
බාසුරැට කෝප ගොස්
ගියේ පෙන්වා සිංහ තේජස්
දුටුවේ පිරැණු දැලනේ
සිංහයා කෑදර වුණේ
කබර සිහ සටනේ
ගොදුර හිවලා අරං යන්නේ
දම්සර වැලිවිට
5 ශ්‍රේණිය,
ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |