2025 අප්‍රේල් මස 21 ප.ව. 04:15 - {{hitsCtrl.values.hits}}
වැටකොළු මෑ බණ්ඩක්කා
තුඹ කරවිල වට්ටක්කා
ගහල, බතල මඤ්ඤොක්කා
වත්තෙ වැවෙනු මම දැක්කා
කොස් දෙල් අලබතල පොලොස්
වත්තෙන් පිටියෙන් ලැබෙනවා
මේවා හොඳ හැටි කෑවම
පෝෂණ ශක්තිය ලැබෙනවා
මේ හැම දේ අපට දෙන්න
මහන්සි වෙන්නේ කවුරැද
ගොවි මහතා කලණ මිතුරැ
සැම විට ගරැ කරමු මිතුරැ
සෂිණි පූර්ණිමා,
9 ශ්‍රේණිය,
ගා/ සාරාලංකාර මහා විද්‍යාලය,
ගෝනාපීනුවල.
![]() |
diary Read more... |