ජලය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 07:48 - {{hitsCtrl.values.hits}}  

නිශ්චිත පැහැයක් කියන්න මට නෑ
නියමිත හැඩයක් මගේ ඇඟට නෑ
කොතැනක සිටියත් බයක් දැනෙන් නෑ
මාව නැතිව නම් ජීවත් වෙන් නෑ
මාව ඕන නැති කෙනෙක් ඇත්තෙ නෑ
බොහෝ ප්‍රයෝජන ඇති නිසාම මා
මග හරින්න නම් කාටවත් ම බෑ

අහසින් පොළොවට පැනගෙන එනවා
වැව් විල් ජලාශවල රඟ දෙනවා
ගොවිතැන් බත මම සරැකර දෙනවා
මිනිසුන්ගේ සිත් සතුටුකරනවා

තවත් ප්‍රයෝජන ගොඩක් තියෙනවා
කියන්න ගියොතින් කාලය යනවා
නැතිවම බැරිමට වතුර කියනවා
ආයුබොවන් මම සමුගෙන යනවා

රශ්මා මංසලා
12 ශ්‍රේණිය,
බ/පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය.
හාලිඇළ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...