2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:35 - {{hitsCtrl.values.hits}}
අහසෙන් බසිනෙමි පොළොවට
ගස් මුල් අතරින් ඉහළට
ගං ඇළ දොළවල පහළට
අවසන ගලනෙමි මුහුදට
නිවහන සපයමි මසුනට
බීමට දිය දෙමි සතුනට
ගස්වැල්වල ඵල දැරැමට
මං නැති නම් බැහැ සදහට
වැව් බැඳ මා සුරකින්නේ
ගස්වැල් තව වවපන්නේ
කුණු තැන තැන නොදමන්නේ
එවිටයි මා හැඩ වන්නේ
චමෝද් නෙත්සර
6 ශ්‍රේණිය,
මාර/රාහුල විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |