2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:59 - {{hitsCtrl.values.hits}}
මුතු සයුරෙන් වට වූ සිරි ලංකා
මිණි මුතු කැට දෙරණේ යට හංගා
මිනිස් දහදියෙන් මහ වැව් බන්දා
සරැ කළ රට සිරි ලක් අම්මා
ලොව් උතුම් රට ලෙස ගොඩ නංවා
මිනිසත් භාවයේ අරැත ද දන්වා
සම්මා සම්බුදු සිරිපා තැබුවා
සිංහල ජාතියෙ නිවහන ලංකා
දෑවිරැවන්ගේ රැධිරය පුදනා
නිදහස් සටනක් නොනිවී තිබුණා
උතුම් මිනිස් ගුණ ලොව ජයගත්තා
ලංකා දීපය නිදහස ලැබුවා
ජයනා ඕෂධී
8 ශ්‍රේණිය,
කුලි/කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහා විද්‍යාලය ,
කුලියාපිටිය.
![]() |
diary Read more... |