2025 අප්‍රේල් මස 20 ප.ව. 02:34 - {{hitsCtrl.values.hits}}
මවගේ වියෝවෙන් සැම දෙන දුක් වූවා
කිසිත් නොපෙනෙනා මා නිහඬව උන්නා
මන්ද එකල මා පොඩි දැරියක වූවා
පාළුව තනිකමට මා ගොදුරක් වූවා
පියකු නම් සිටියේ නැත මට කිසි දිනෙක
මව හැර ගිය පසු මා මෙලොවේ තනිවීය
නෑදෑයින්ට මා දැන් ව දයක් වීය
ළමා නිවාසයක ද මා තනිවීය
නව මිතුරන් ලැබුණා යැයි මා සිතුවා
නමුදු ඔවුන් මා හට ඔච්චම් කෙරැවා
දෙවියන් විසින් දුන් ඇස දෙක නොපෙනුනා
පෙර කළ පවට මා මේ ලොව තනිවූවා
කවිෂි අමන්දි
10 ශ්‍රේණිය,
ගලහිටියාව මධ්‍ය විද්‍යාලය.
![]() |
diary Read more... |