තාත්තා එනතුරැ

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:13 - {{hitsCtrl.values.hits}}  

අහල පහළ යාළුවො ටික ඔන්චිල්ලා     පදිනවාය
පුතාට ඕනිනම් යන්න අම්මා මට     කියනවාය
කවදාවත් මට නොතිබුණු අවුරැදු කොහේ දැයි     සිතේය
කියාගන්න බැරි දහසක් අම්මගෙ ඇස්වල     තිබේය 

ඒ කාලේ අවුරැදු ගැන අම්මා මට     කියනවාය
මට හිමි නැති අවුරැදු ගැන ඇය දුක් වී     හඬනවාය
අම්මා හඬනු බලන්න බෑ සත්තයි මගෙ හිත     රිදේය
තාත්තා එනතුරැ අවුරැදු කවදාවත් මට     එපාය

ප්‍රියංකා හිමාලි ධර්මසිරි
8 වැනි ශ්‍රේණිය,
ර/බළ ආනන්ද මෛත්‍රීය මධ්‍ය මහා විද්‍යාලය,  බලංගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...