තාත්තා

2025 ජනවාරි මස 09 ප.ව. 03:47 - {{hitsCtrl.values.hits}}  

ලේ කිරි නොවුණමුත් ආදර     තාත්තගේ
මහමෙර තරමට ම දුක් විඳියි සැම     වෙලේ
මහ සාගරය වැනිය ඔබ පියරජ     මාගේ
මට සම්පතකි තාත්තා ලෝකයයි     මගේ

මා උගතකු කරන්නයි ඔහු     වෙහෙසෙන්නේ
ඒ සිහිනය සැබෑ වන දින     ගනින්නේ
සෙනෙහස උතුරා ආදරයෙන්      සිපගන්නේ
මතු සසරේ දිනක ඔබ නම්     බුදුවන්නේ

වස්සිකා දෙව්මිණි උදයකුමාර
7 ශ්‍රේණිය,
කු/ලක්දාස් ද මැල් විද්‍යාලය,
කුරැණෑගල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...