2025 අප්‍රේල් මස 21 ප.ව. 03:40 - {{hitsCtrl.values.hits}}
තනතුරැ පදක්කම්
යුනිෆෝම් තාත්තේ
මං ආසා නෑ ඕවට
හැමෝටම පෙනෙන සේ
වැළමිටේ දණහිසේ
කොන්දේ කැපුම් සීරීම් තුවාල කැළැල්
යුද්දෙන් ඔබට ඉතිරි වූ
සිපගන්නෙ හරි ආදරෙන් මං
ඊට පස්සේ
තුරැලු කරගෙන උණුසුමට පපුවේ
කියන් හීන්සීරැවේ
මුව කනට ළං කර මගේ
හුස්මේ උණුසුමට
කම්මුලට දැනෙන සේ
නොයන බව පමණක්
ආයෙනම් කොහෙවත්
කවිඳු නවෝද්‍ය රණසිංහ
ර/කහවත්ත මැදි මහ විදුහල , කහවත්ත.
![]() |
diary Read more... |