තාත්තේ

2024 දෙසැම්බර් මස 21 ප.ව. 08:00 - {{hitsCtrl.values.hits}}  

උදයට පායනහිරු මගේ තාත්තා

සවසට පායන සඳු මගෙ තාත්තා

රෑ අහසේ දිලෙනා තරු තාත්තා

රට වට ඇති රන් සයුරයි තාත්තා


 

ලෙඩක් සැදුණු විට ළඟ සිටි තාත්තා

ඕනෑ සැමදේ ගෙනදුන් තාත්තා

කිසි අඩුවක් මට නොතැබූ තාත්තා

මගේ ප‍ණයි මගේ ආදර තාත්තා


 

කිසි විටකත් ඔබ මගෙ බුදු තාත්තා

වරදට මිස තැළුවේ නැති තාත්තා

අකුණු රකුස ඇවිදින් මගෙ තාත්තා

රැගෙන ගියා දුරකට මගෙ තාත්තා


 

මොනාල් සන්දිර පෙරේරා,

5 ශ්‍රේණිය,

බප/මීග/ නිවන්දම ජිනරාජ ප්‍රාථමික විද්‍යාලය,

මීගමුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...