දඟයා

2025 අප්‍රේල් මස 22 ප.ව. 07:34 - 84  

සියඹලා ගහේ අත්තක බැඳි දෙබර වදේ
දෙබරැන් සැවොම එක් වී කසු කුසු ගෑවේ
ළමයින් ගොඩක් රුස් වී ඇත අද දවසේ
රුස්වීමක් ද කොහදෝ අද ඉස්කෝලේ

දඟයාගේ ගල් පහරින් ඇවිස්සුණේ
පැණිත් අරන් දෙබරැන් සැම ඉගිළෙන්නේ
අහස පුරා කළු දෙබරැන් තිත් වැන්නේ
සුදු ගවුමේ හැම තැන පැණි බිඳු වැටුණේ

ගුරැවරැ ඇවිත් දඟයට හොඳටම බැන්නේ
දෙබරැන් ඇවිත් ඇන්නා නම් තමයි වැඩේ
අතපය තියාගෙන ඉන්නට බැරිද බොලේ
දෙබරැන්ගේ නිවස  නුඹ කැඩුවානේ පුතේ

මෙත්මි පූර්ණිමා රත්නායක
9 ශ්‍රේණිය,
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...