2025 අප්‍රේල් මස 06 ප.ව. 10:25 - 117
හිමකර විත් අඳුරට බැට දුන්නේය
කවුදෝ පැමිණ ගේ දොරකඩ සිටියේය
කවුදැයි කියා දොර තෙක් ගොස් බැලුවේය
දන්නෙත් නැතිව සා.පෙ. පැමිණ තිබුණේය
කෙසරිඳු දුටු මුවන් සේ මට බිය දැනිණි
ඔහුට මුහුණ දෙන සැටි මට නොතේරැණි
නමුදු ඔහුගේ අත්ලේ යමකුදු තිබිණි
විෂයන් නවය අසමත් බව එහි තිබිණි
අහස කඩා වැටෙනා සේ මට දැනුණි
ඇස් හරවා වටපිට විපරම් කළෙමි
මා සිටියේ ඇඳ යට බව මට දැනිණි
නැගිට විගස පොත් මේසය වෙත යැවිණි
එරංග විශ්ම ප්‍රභාෂ්
11 ශ්‍රේණිය,
මහනුවර ආදර්ශ විද්‍යාලය, මහනුවර.
![]() |
diary Read more... |