2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:19 - {{hitsCtrl.values.hits}}
තන්හා ගින්න දවනා කස්සප පුතුනේ
කවදා පැමිණ වැව් දිය දෙස බලමින්නේ
සැලෙනා වැව් දියේ ඒ රැළි අතරින්නේ
පියරජු පැමිණ යළි දවසක අමතන්නේ
උදයට පිපුණු සුන්දර පියුමන් සොඳුරැ
බුදුහිමි බලා සතුටින් හිනැහෙන අයුරැ
ඒ රොන් ගනු පිණිස පැමිණෙන මෙහි බඹරැ
සවසට නොඑති පරවෙති බැලුමට කවුරැ
නුඹ සිත දවන තණ්හාවේ ඒ ගින්න
අමදියවලින් සදහට නිවිලා යන්න
මෙත් සියපතට සැදැහැති පැන් ඉස රුගෙන
පුදපන් සිරි පතුල් අවුකන බුදු සෙඳින
උදානි ආශිංසනා හේරත්
10 ශ්‍රේණිය,
බප/පිළි/ බෞද්ධ බාලිකා විද්‍යාලය,
ගල්කිස්ස.
![]() |
diary Read more... |