2025 අප්‍රේල් මස 24 පෙ.ව. 10:14 - 101
සිනා මල් දරන සඳ
කිරි සුවඳ මුව කමල
මුළු ලොව ම දෙවෙනි වේ
ඔබගෙ සිනහව අසල
වැහැ වලා පසෙක ලූ
ළහිරැ රුස් පොද නිමල
විලස ලොව එළිය වුණි
දැදුරැ කර සැම තැවුල
සුමුදු මුදු පොඩි දෙපා
සොලවමින් හිනැහෙනා
සිඟිති අත් ඇඟිලි පොඩි
අපට දිගු කරමිනා
මගෙ පුංචි නැගණියනි
සැමට සොම්නස ගෙනා
ඔබයි රන් මිණිකලඹ
මතු දිනෙක දිදුලනා
පබසරා සුරමිණි ප්‍රනාන්දු
12 ශ්‍රේණිය,
කළුතර බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |