2025 අප්‍රේල් මස 02 ප.ව. 09:12 - {{hitsCtrl.values.hits}}
දළදා සමිඳුගෙ ගුණ පැතිරෙනවා
සාදු හඬින් සැම සිත් පිබිදෙනවා
කොඩිගත් ළමයින් පෙරට ඇදෙනවා
පෙරහර අසිරිය ලොවට බෙදනවා
යක් බෙර ගැට බෙර තාල තියනවා
මිණි බැඳි නැට්ටුවො පාද තබනවා
පන්දම් එළියෙන් දෑස් දිලෙනවා
පෙරහර අසිරිය ලොවට බෙදනවා
මල් පාවඩ මැද සමිඳු වඩිනවා
රටටම සාමය අරගෙන එනවා
දළදා සමිඳුගෙ පිහිට ලබනවා
පෙරහර අසිරිය ලොවට බෙදනවා
පුලාරා තසත්මි
6ශ්‍රේණිය,
ර/ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |