දිනක ඇරඹුම

2025 ජනවාරි මස 09 පෙ.ව. 02:01 - {{hitsCtrl.values.hits}}  

කන්ද උඩින් ඉරැ දෙවියන් බැස     එන්නේ
ළා හිරැ රුස් යවා මිහිකත සිප     ගන්නේ
කුකුළුහාමි කූක් හඬින් ලොව     පුබුදන්නේ
සැවොම නැතිව අලුත් දිනක වැඩ     අරඹන්නේ

ඕලු නෙළුම් මල් කුමරියෝ පෙති     විහිදන්නේ
සමනලයන් මල් වටකර නැටුම්     නටන්නේ
සියොතුන් සැම අහර සොයා  පියඹා     යන්නේ
උදෑසනක අසිරිය මුළු ලොවට     කියන්නේ

තණ මත ඇති පිනිබිඳු මුතු මෙන්     බබළන්නේ
තුරැලිය මල්  ප්‍රබෝධයෙන් දින     අරඹන්නේ
කොක් රූනක් සේ ළමයින් පාසල්     යන්නේ
සිසිල් සුළං හමා දවස අලුත්     කරන්නේ

පමෝදා නෙත්මිණි
8 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මධ්‍ය මහා විද්‍යාලය,
රඹුක්කන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...