දූවිලි

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:05 - {{hitsCtrl.values.hits}}  

මුස්නෙන් ගෙදොර අමදින
අඟනක මැසිවිලි නඟන්නිය
‘කොපමණ ඇමදුවත්
මෙ දූවිලි නැති නොවන හැටි‘
කෙසේ නැතිවන්න ද සොයුරිය
මහ පොළොව දූලියෙන් ම සැදුණු කොට
අසා නැද්ද ඔබ මෙවදන
‘දුහුවිල්ලෙන් ම නිර්මිත ඔබ
 යළි දූහුවිල්ලට ම යනු ඇත‘
ගැඹුරැ දහමක් නොවන්නෙද එය
සිත නුවණ නංවන
පරමාණුව
සැඟවගත හැකි නම් යමෙක
නොවන්නෙ ද ඒ
දූලි රොදක ම

ශශිකා නිරෝෂිණි
11 ශ්‍රේණිය,
බප/හෝ/ බෝපේ රාජසිංහ මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...