දේශාභිමානය

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:22 - {{hitsCtrl.values.hits}}  

දිය ඇලි ගංගා ඇළදොළ වට කර ඇති     ලංකා
වනන්තර ද ගහකොළ මල් ඇති මාගේ     ලංකා
අප සැමගේ සිත් පිනවන සුන්දර සිරි     ලංකා
ඉන්දු සයුරෙ මුතු ඇටයයි මවුබිම සිරි     ලංකා

සීගිරිය ද රැවන්වැලිය ඇති සුන්දර     ලංකා
මිරිසවැටිය ජේතවනය ඇති පින්බර     ලංකා
පැරකුම්බා වලගම්බා නිරිඳුන් විසු     ලංකා
ඉතිහාසය ගැන ආඩම්බර වෙමු අපි     ලංකා

සිහළ දමිළ මුස්ලිම් භේදයක් නැතිය     ලංකා
කුලමල ආගම්වාදය නොතකමු අපි     ලංකා
මිනිසත්කම ලොවට බෙදමු එක් වී සිරි     ලංකා
අපි කවුරැත් එක මවගේ දරැවන් වෙමු     ලංකා

තේමාවි සෙත්මා විජේකෝන්
6 ශ්‍රේණිය,
විද්‍යාකර බාලිකා විද්‍යාලය, මහරගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...