ධීවරයෝ

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:43 - {{hitsCtrl.values.hits}}  

මහ රූ පුරා  තම දහඩිය     හෙළමින්නේ
දැලක් එලාගෙනයි මාළු     අල්ලන්නේ
මේ දැල තමයි අපගේ දිවි     සුරකින්නේ
අඹු දරුවනගෙ බඩ කට ඉන්     පුරවන්නේ

මහ රුළි පරදවා ඉදිරියට ම     යන්නේ
ඒ රුළි තමා දැන් මට තනියට     ඉන්නේ
මහ රූ පුරා බඩගින්නේ    වෙව්ලන්නේ
ඔරැව පෙරළුණොත් මරැ තුරැලට     යන්නේ

දෙවියන් වැඳ පුදා අපි මුහුදට     යන්නේ
මාළු ලැබුණොතින් අතමිට සරැ     වන්නේ
දැල් දමමින් දැල් අදිමින්     හතිලන්නේ
ජීවත් වන්නටයි මේ අපි     දඟලන්නේ

වර්ණික රවිශාන්
9 ශ්‍රේණිය,
මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...