2025 අප්‍රේල් මස 21 ප.ව. 10:09 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා උදෑසනම එබී බලනවා
කුරැලු පැටවු කිචි බිචි ගා ගීත ගයනවා
මල් කුමරියො උදෑසනම සුවඳ බෙදනවා
නව දිනයක ආරම්භය අපට කියනවා
සමනලයන් රොන් සොයමින් සැම තැන යනවා
පුංචි ළමයි නව දවසේ පාසල් යනවා
වැව් දියමත මල් පිපිලා බඹරැ ඇදෙනවා
ගම්මානෙම නව දිනයේ වැඩ අරඹනවා
ඈත කොණින් බටනළාවෙ නාදෙ ඇසෙනවා
ගංගාවන් ඒ තාලෙට ගලා බසිනවා
තිත්ත පැටවු සතුටු සිතින් පිනුම් ගසනවා
නව දවසක ආරම්භය අපට කියනවා
අයේෂා සමින්දි ජයවික්‍රම
9 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ මැදි මහ විදුහල,
![]() |
diary Read more... |