2024 නොවැම්බර් මස 25 පෙ.ව. 07:39 - {{hitsCtrl.values.hits}}
තුරැලතා ඇළදොළ ද දිය ඇලි ගල ගලා හැඩවෙන සොබා
සව් සතා බහැ පා අපා සැම ඇත යැපී මිහිකත ලබා
කඳු ඉතා උස් සොඳුරැ හෙල් වැටි බල යොමා නෙත් යුග අබා
පින පතා ගෙන සිටිය යුතු වෙයි දකින්නට පරිසර සොබා
කුණුකසළ බැලු අතට දැස්වෙන අසිරි වඳ වි ගොස් වගේ
කණු අසල කැළිකසළ වැඩිවෙනු දකින්නට ඇත මං දිගේ
දිනු විසල ලොව ගතිගුණය නැති එය නොවේ කිසිවිට අගේ
මනු සකල දිය මෙය සිතාවිද කෙදින හෝ දෙවියනි මගේ
උතුම් යැයි පවසන්නෙ මිනිසා නමට පමණ ද පල කිම
සතුන් තුළ නැත මෙවන් දුර්ගුණ සතා බල මැන තනිවම
මෙතැන් සිට හෝ රකිනු හැකි පමණින් ම මිහිකත උත්තම
නිතින් සුරකිමු සොඳුරැ පරිසර එයයි අපගේ යුතුකම
පසිඳු බුද්ධික
11 ශ්‍රේණිය,
මාර/රාහුල විද්‍යාලය, මාතර.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |