නිදහසේ පියඹන්න ආසයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 01:27 - {{hitsCtrl.values.hits}}  

එක් වී එකට රූනට මැදි වී     දිනෙක
පියඹන වටදි මා පැටලුණි එළූ     දැලක
මර බිය පැමිණ රඟනා විට මවා     සැක
හඬමින් මිතුරැ විහඟුන් පැවසුවා     දුක

සුළු මොහොතකින් මා වෙළු පැටළිලි     ලෙහලා
සුව විමසුවා මිනිසකු දිය බිඳු     ඉහලා
සිතුමුත් මගේ රූනට එක්වෙයි     කියලා
නැත හිමිවුණේ එය අද මා කොටු     කරලා

කූඩුව තුළ දි සුවපහසුව ඇත     නිතර
දිව රූ නොවැරදී හිමිවෙයි රස     අහර
එනමුදු දුකකි කූඩුවෙ දොර නැහැ     විවර
ආසයි නිදහසේ පියඹා යන්න     දුර 

ඉඳුනිල් රසාදරී වික්‍රමරත්න
11 ශ්‍රේණිය,
කුලි/ වීරපොකුණ වි. මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...