2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:25 - {{hitsCtrl.values.hits}}
පොතට සිර ව ගත කළ කල අවසන් වි
ඇවිදින් නිවාඩුව අප වෙත සතුටක් වී
කරමු කරමු කෙළි සෙල්ලම් අපි එක් වී
එන්න එන්න යහළුවනේ විහඟුන් වි
ඇයි ද තව ම පොතේ ම එල්ලී ඉන්නේ
සොබා සිරිය බලන්න එන්නේ නැත්තේ
මඟ ඇරැණොතින් දුක් වෙන්නයි සිදු වන්නේ
සකිය නිවස පිටතට පය තබපන්නේ
පාඩම මෙන් ම සෙල්ලම වැදගත් වෙනවා
සෙල්ලම නැති වුණොත් ඇඟ අපෙ ලෙඩ වෙනවා
සෙල්ලම් කර කර ම හිඳුම ද හරි නැතුවා
තවත් අපට බෝ දේ කෙරැමට ඇතුවා
මලීෂ සඳකැළුම් දසනායක
10 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.
![]() |
diary Read more... |