2025 අප්‍රේල් මස 01 ප.ව. 03:02 - {{hitsCtrl.values.hits}}
දුකින් තැවෙනා නේක හදවත් නිවී සැනහේවා
කෝපයෙන් නිති දැවෙන සිත් මෙත් මගට යොමු වේවා
රාගයෙන් ගිනි පුපුරැ නැගෙනා සිතට සුවදේවා
මහා කරැණා අමා දහරින් සැමට සෙත් වේවා
සුවද විහිදුවන සල් මල් නෙක පිපුණා
නොමද සුරන් රශ්මි වැටී ලොව දිලුණා
එමැද සතක් පියුමන් එක විට පිපුණා
නිබඳ ශාන්ති දෙන පුත් කුමරැ ඉපදුණා
දුවනා නිබඳ වනගොමුවේ සතුන් කැල
හමනා සීත සිහිලැල් මද පවන් වැල
මඩනා බවුන් නිබඳව බෝ රැකක් මුල
නගිනා බෝසතුන් මහ නිවන් කුල
චතුමිණි උත්පලා ගාල්ලගේ
11 ශ්‍රේණිය,
ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ.
![]() |
diary Read more... |