2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:18 - {{hitsCtrl.values.hits}}
සඳ කුමරිය හෙමින් සැරේ පැනල දුවන්නේ
හිරැ කුමරා කන්ද උඩින් එබිල බලන්නේ
පාට පාට කුසුම් පිපී සුවඳ හමන්නේ
උදෑසනක අසිරිය නෙත සිත පිනවන්නේ
පුංචි ළමුන් කොකුන් වගේ පාසල් යන්නේ
ගොවිරාලල කඩිමුඩියේ කුඹුරට යන්නේ
කුරැල්ලන්ගේ ගීත ගැයුම් දසත ඇසෙන්නේ
උදෑසනක අසිරිය නෙත සිත පිනවන්නේ
හිරැ එළියෙන් තණඅග පිනිකැට දිලිසෙන්නේ
සීත සුළං ගත දැවටී සිසිල දැනෙන්නේ
සමනලයන් මලින් මලට පියඹා යන්නේ
උදෑසනක අසිරිය නෙත සිත පිනවන්නේ
භාෂණ සංදේශ්
6 ශ්‍රේණිය,
මාර/ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය,
පිටබැද්දර.
![]() |
diary Read more... |