2025 ජනවාරි මස 09 ප.ව. 03:45 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් කුසයේ දරමින් අම්මා
මා දැඩි කළා විඳ දුක් කඳ නැත නිම්මා
සියවස් ආයු ගෙන සැනසුම ලැබ සම්මා
පා යුග වඳිමි මම ආදර මගෙ අම්මා
දුවේ කියා මා ඇමතූ මගෙ අම්මා
මිණි පහනයි නිවසේ මට මගෙ අම්මා
මා හට ලොකු ශක්තිය වේ මගෙ අම්මා
ඔබ මතු බුදු වේවා මගෙ අම්මා
ආලෝකය ලෙස මා ළඟ සිටි අම්මේ
ලෙඩ වූ විට ළඟ සිටි ආදර අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
ඔබේ පා යුග වඳිමි මම ආදර අම්මේ
මෙත්මි ප්‍රාර්ථනා
9 වැනි ශ්‍රේණිය,
ත්‍රි/ බාලිකා විද්‍යාලය, ත්‍රිකුණාමලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |