පරිසරයේ අසිරිය

2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:05 - {{hitsCtrl.values.hits}}  

අඳුර මකා හිරැ නැග     එනවා
පාට පාට මල් පිපිලා සුවඳ     හමනවා
කිචි බිචි ගා කුරැලු ගීත     ඇසෙනවා
පරිසරයේ සුන්දරකම මෙලෙස     පෙනෙනවා

තණ මත පිනි බිඳු මුතු මෙන්     දිදුලනවා
වතුසුදු මල් සිල් රෙද්දක් මෙන්     දිස්වෙනවා
අඹ රඹුටන් ජම්බු ඉදී සුවඳ     හමනවා
පරිසරයේ සුන්දර බව  මෙලෙස     පෙනෙනවා

උදෑසනින් පිපුණු කුසුම්     පරවෙනවා
සේපාලිකා මල් පිපිලා සුවඳ     හමනවා
කුමුදු කුසුම් පිපී සුදට     දිලෙනවා
පරිසරයේ අසිරිය ලොවට     පෙනෙනවා

හංසිකා පියුමාලි තිලකරත්න
11 ශ්‍රේණිය,
මො/මාගන්දන ඔය ජනපද කනිෂ්ඨ විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...