2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:35 - {{hitsCtrl.values.hits}}
නිල්ල පිරැණු සුන්දර පරිසරයට
වනේ සතුන් ඇත වන වදුලේ යසට
ඇළදොළ වැව් පොකුණු ගංගා පිරි යසට
මගේ දරැවනේ පෙම් කරපන් මේවාට
උජාරැවට අවුරැද්දට දිනයක්
සමරා හැකිද සුරකින්නට පරිසරයක්
මේ වග කියන්නේ මතු කර කඳුළු බිඳක්
යොමු කර බලන් අද වනපෙත වියළි බිමක්
හැදූ වැඩූ මවුපියන් මෙන් දුවේ පුතේ
අප පරිසරය සුරුකීමයි බලය ගතේ
මිනිසුන් කරන නොපනත්කම් එමට ඇතේ
දැන්වත් වැරදි නිවැරදි විය යුතුය සිතේ
කවිනි රශ්මිකා පීරිස්
9 ශ්‍රේණිය,
ශ්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලය,
බණ්ඩාරගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |