2025 අප්‍රේල් මස 02 ප.ව. 09:20 - {{hitsCtrl.values.hits}}
ගස්වැල්වල මල් පිපිලා
කුරැලු රංචු හැඩ ගැසිලා
පරිසරයම සුවඳ වෙලා
මුළු වනයෙම දොර ඇරිලා
කුරැලු නදින් ලොව පිබිදී
ගං ඇළ දොළ පිරීතිරී
ගස්වැල්වල මල් පිපුණී
පරිසරය ම සුවඳ වුණී
සමනලයන් පියඹන්නේ
කුරැලු පැටවු නද දෙන්නේ
සිසිල් සුළං හමන්නේ
පරිසරයම සුව දෙන්නේ
සිතුමිණි ජයසේකර
9 ශ්‍රේණිය,
මප/කොත්/ ශ්‍රී බුද්ධරාජ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |