පරිසරය සුරකිමු

2025 ජනවාරි මස 07 පෙ.ව. 02:11 - {{hitsCtrl.values.hits}}  

එපා පා තබන්නට
තදින් තණ පිඩලි මත
වේදනාවෙන් හඬයි
නෑසුණත් අප කනට

අතු පතර විහිදුවා
අපට සෙවණැලි සදන
තුරැලතා  බිමහෙළා
නොදමන්න මිනිසුනේ

පොලිතින් ප්ලාස්ටික් ද
නිසිලෙසට බැහැර කොට
සුරකිමුය අප සදා
ඕසෝන් වියන් ගෙය

මගේ අත දිගු කරමි
සියක් අත් දෙනු මැනවි
ආදරෙන් දයාවෙන්
සුරකිමුය පරිසරය

ලෙසාන් ඕජිත
7 ශ්‍රේණිය,
මාර/රාහුල විද්‍යාලය,
මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...