2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:46 - {{hitsCtrl.values.hits}}
හැඩට පිපුණු මලින් වනය සුවඳ හමන්නේ
ගස්වැල්වල ඵල බරවී සිනා සලන්නේ
කුරැලු රූන් අහස පුරා රටා මවන්නේ
පරිසරයේ සොඳුරු සිරිය මෙලෙස පෙනෙන්නේ
හිරැ මාමා කඳු අතරින් එබී බලන්නේ
හිරැ එළියෙන් පිනිකැට මුතු මෙන් දිලිසෙන්නේ
කුරැල්ලන්ගෙ මිහිරි ගීත ලොව නළවන්නේ
පරිසරයේ සොඳුරැ සිරිය මෙලෙස පෙනෙන්නේ
තිත්ත පැටවු ගංදිය මත පිනුම් ගසන්නේ
රන් ගොයමින් සරැවුණු කෙත් යායා දිළෙන්නේ
මොණර රංචු පිල් විහිදා නැටුම් නටන්නේ
පරිසරයේ සොඳුරැ සිරිය මෙලෙස පෙනෙන්නේ
අහසේ රන් තැටියක් සේ සඳ බැබළෙන්නේ
සඳ වටකර තරැ රූනක් සිනා පාන්නේ
කනාමැදිරි රූන ලොවම එළිය කරන්නේ
පරිසරයේ සොඳුරැ සිරිය මෙලෙස පෙනෙන්නේ
සියුමි තරැමිලා
9 ශ්‍රේණිය,
ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ.
![]() |
diary Read more... |