පැල්පතක දිවි ගෙවමි

2025 අප්‍රේල් මස 02 ප.ව. 09:16 - {{hitsCtrl.values.hits}}  

සෙවණත් ලබා ගන්නට වහලයෙ     පිදුරැ
වැස්සට තෙමෙයි ඒ වහලයෙ ඇති     සිදුරැ
මා රුකගන්ට හැම රූකම එන     සතුරැ
කටුමැටි ගැසූ බිත්තිය වෙයි ම     සොයුරැ

වැහිදා සිටිනු  බෑ වහලේ     ගැලවෙනවා
කටුමැටි බිත්ති හතරම ඉන්     දියවෙනවා
ගොම ගෑ පොළොව හෙමිහිට ගැලවී     යනවා
මොනවා කරන්නද සේරම     ඉවසනවා

කළුගල් තුනක් ළිප වෙනුවට තබා     ඇත
පුංචි වළංගෙඩි දෙකේ ම සිදුරැ     ඇත
කුසගිනි නිවාගන්නට අල බතල     ඇත
යහනක නිදාගත් දවසක් මතක     නැත

පූරැවෙ කළ පවකි මම අද     විඳවන්නේ
දුක් ගී ගයා සැම දින මා        සැතපෙන්නේ
සැම රුය නිදන්නේ මේ ලෙස     සිතමින්නේ
අද රූ මාව මරැ අරගෙන     පලයන්නේ

අනුෂා ඉඳුමිණි සුබසිංහ
9 ශ්‍රේණිය,
මහ/ගම්/ ගඟසිරිපුර විද්‍යාලය,
ගම්පොළ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...