2025 අප්‍රේල් මස 20 ප.ව. 12:19 - {{hitsCtrl.values.hits}}
ඉහළ අහසෙ මතුවී ගෙන
රන් තැටියක් සේ බබළන
හඳහාමි පැහැපත් වී
පරිසරයම එළිය කරයි
කළුවර නෑ වටපිටාව
සඳ එළියෙන් පහන් වෙලා
කණාමැදිරියන් සැම තැන
එක්රොක් වී රටා මවයි
පුංචි පුංචි තාරකාවො
අහසේ මිණිකැට වාගෙයි
හඳේ ඉන්න හා පැටියගෙ
ලස්සන ඇස් දෙක වාගෙයි
නෙත්මා ඉමල්ෂා රණසිංහ
6 ශ්‍රේණිය,
කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |