පියකරු කිරිල්ලිය

2024 දෙසැම්බර් මස 21 ප.ව. 11:39 - {{hitsCtrl.values.hits}}  

කිචි බිචි ගා සුමිහිරි ගී පදය     ගයා
කූඩුව තනන්නට ඔබිනා තැනක්     සොයා
වෙහෙස මහන්සිය හැර අන්තැනක     තියා
කිරිලිය පියා සැලුවා අතු පතර     ගයා

ගන වන ලැහැබ තුළ නිදහස් රසය     විඳ
හිඳින්නට තැනක් සොයමින් ගියා     සොඳ
දං බෝවිටියා ඉදෙමින් දෙන සුවඳ     මැද
සැදුවා නිවහනක් අගනා මිහිර     විඳ

පරඬැල් කෝටු වන ළැහැබෙන් ගෙනැත්     තියා
දවස පුරා මහන්සියෙන් වෙහෙස     වෙලා
එක මත එක තබා සුන්දර යහන     තනා
පියකරැ කිරිල්ලිය ගෙයි ගෙවැදුමට     ගියා
සඳුනි මේනකා අධිකාරි
12 ශ්‍රේණිය,
කුලි/සාරානාත් මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...