පියාණනි

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:53 - {{hitsCtrl.values.hits}}  

උදයම අප වෙනුවෙන් වැඩට ගොසින්

නැවත එන්නෙ හවසටයි ිදහිදිය පිසිමින්

අපව දුටු ගමන් ඇතිවෙයි තුටු සිනාවන්

ආදර පියාණනි ඔබ මා හට මැණිකක්

 

ඔබ මා හට ලේ කිරි කර නොපෙවුවට

දුන්නා කනන්න අහර සැමදා මේ අපට

දුන් ඔවදන් මා හට නිති හැදෙන්නට

ඔබෙ ගුණකඳ කියා බෑ නිම කරන්නට

 

දුක් කරදර මැදින් ඔබ මේ මා හැදුවේ

කිසිදා නෑ නැතිබැරිකම පෙන්වූයේ

සෑමදාම යහමග මට පෙන්වූයේ

සැම භවයකදිම ඔබමයි මට හිමි වන්නේ

 

චතුනි චමත්කා,

7 ශ්‍රේණිය,

බප/කැල/ මහමායා බාලිකා මහා විද්‍යාලය,

කඩවත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...