2025 අප්‍රේල් මස 20 පෙ.ව. 07:59 - {{hitsCtrl.values.hits}}
දවාලක් රුයක් නොබලා වෙහෙස වුණා
අප වෙනුවෙන් රාත්‍රියෙත් නිදි වැරැවා
අපෙ බඩකට පුරවාලා සතුටු වුණා
හැම භවයේ මගේ පියා මට වේවා
ඔබ විඳිනා දුක් කරදර අපෙන් සැඟවුවා
සමාජයේ හැටි මෙහෙමයි කියලා දුන්නා
ජය ගන්නා විටදි සතුටු කඳුළු වැගිරැණා
ඒ සතුටින් ඔබේ දුක ද අමතක කෙරැවා
සයුමි තමාදි
7 ශ්‍රේණිය,
ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම.
![]() |
diary Read more... |