පිය ඔවදන්

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:12 - {{hitsCtrl.values.hits}}  


වෙන්න එපා කිසි දවසක     මලක්
මගෙ දුවේ වෙයන් මැණික්     ගලක්
මහ පොළොවෙ වුණත් දුර්ලභ     නිලක්
මං බයයි විස දෙබරැ ගැන, වුණොත් නුඹ     මලක්

පුදන විට ආදරය මෛත්‍රිය     කරැණාව
ලැබෙන්නෙත් ඒ වගේ ස්නේහයේ     ගංගාව
මවු ගුණය පිය සෙනෙහෙ ලෙස විටෙක නුඹ     ගාව
ගැවසෙන්න ඉඩ තිබේ හැඳිනගනු     මායාව

පාසලේ මායිමේ වැටකඩුළු බිඳ     දමා
නුඹෙ සෙනෙහෙ මාරැතය දවසකදි     හමනවා
ගම පුරා ගලා යයි ඉසි කොණින් නිම     නිමා
පාර මං හදනවා මගෙ පැතුම එය     තමා

තක්ෂිලා නිරෝෂිණි වීරසිංහ
10 ශ්‍රේණිය,
අ/රළපනාව ජනපදය විද්‍යාලය,
අනුරාධපුර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...