2025 අප්‍රේල් මස 01 ප.ව. 03:31 - {{hitsCtrl.values.hits}}
වනන්තරේ ලස්සන අපි බලාන උන්නා
කිරිල්ලි ඇවිදින් හනිකට තැනක් පෙන්නුවා
පැමිණෙන කරදර අඩු බව හොඳින් ම දැනුණා
නිවහන අප හදමු කියලා දෙන්නම කිවුවා
කැලේ ඇවිද චූටි චූටි කෝටු ගෙනාවා
ගසේ මුදුන් අත්තට අපි පියාඹා ගියා
ගෙනා කෝටු ගැට ගසලා එල්ලා තැබුවා
අපෙ නිවහන මෙතන තමයි දෙන්නම කිවුවා
පුලුන් ගසේ පුලුන් පිරිලා ඈතට දිලුණා
දෙන්න එක්ක පියඹා ගොස් ගොඩක් ගෙනාවා
කාමරවල පුලුන් තියලා යහනක් හැදුවා
පොඩි පැටවුන් හට ඒ තැන වෙන් කර තැබුවා
රන්මි නිමාෂා
8 ශ්‍රේණිය,
බප/මතු/ ශාන්ත මේරි මහා විද්‍යාලය,
මතුගම.
![]() |
diary Read more... |