පුංචි මකුළුවා

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:31 - {{hitsCtrl.values.hits}}  

ලස්සන ලස්සන රටා     වියන්නේ
පුංචි මකුළුවා නැටුම්     නටන්නේ
එහාට යන්නේ මෙහාට     යන්නේ
පුංචි මකුළුවා රටා     වියන්නේ

පා අටකුත් ඔහු සතු     වන්නේ
නේක වර්ණයෙන් හැඩ     වෙන්නේ
අපේ අවට ජීවත්     වන්නේ
මාංස භක්ෂකයෙක්     වන්නේ

පුංචි කෘමීන් දැලේ     පැටලෙන්නේ
උන්ගේ යුෂ බී දිවිය     ගෙවන්නේ
පුංචි කුරැල්ලන් සතුරන්     වන්නේ
පුංචි මකුළුවා රුක     ගන්නේ
සමාධි අමායා
8 ශ්‍රේණිය,
මාර/ බමුණුගම මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...