පොඩි හාමුදුරුවෝ

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:29 - {{hitsCtrl.values.hits}}  

සොඳුරැ සිතුවම් ඇති මිනිසත් බව ලැබ
බවුන් වඩන්නට ඇයි සිතුවේ
මතු බුදු වන්නට නුඹේ ළපටි සිත
නුඹට ඉඟි කළාදෝ

මවු සෙනෙහසවත් නෑ දැනුණේ
පිය සෙනෙහසවත් නෑ දැනුණේ
තනිකම දැනුණා කඳුළැලි සැළුවා
නැහැ කිසිවකු තනිකම මැකුවේ

නුඹට දැන් මුළු ලොවක ආදරේ
ඇතේ සිනා සුව මුව කමලේ
නමුදු නොතේරේ නුඹේ සිතුවම්
මට නම් පොඩි හාමුදුරැවනේ

චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බප/බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...