2025 මාර්තු මස 30 ප.ව. 01:59 - {{hitsCtrl.values.hits}}
පොසොන් සඳක්
---------------------------------
පොසොන් සඳක් නැගී දිලේ
ගුවන් තලාවේ
දහම් සුවඳ පැතිරී යයි
මහින්තලාවේ
තිස්ස තිස්ස නවතිනු
ඔබ යන මග වැරදියි
සවන වැටුණු ඒ හඬ
කිංකිණි නද පරදයි
පොසොන් සඳක් නැගී දිලෙයි
ගුවන් තලාවේ
දහම් සුවඳ පැතිරී යයි
මහින්තලාවේ
මිහිඳු සමිඳු හඬ ඇසිලා
රජු නවතින්නේ
අඹ වනයේදි බණ අහලා
රජු පැහැදෙන්නේ
--------------------------
පි. ඒ. ඩි. ඉමල්ෂි අකර්ශා විජයසිංහ
10 ශ්‍රේණිය,
ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය
රත්නපුර
![]() |
diary Read more... |