2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:43 - {{hitsCtrl.values.hits}}
පුන්සඳ පායා ඇත අද මේ පෝය දිනේ
බුදු පියාගේ ගුණදම්කඳ සිහිවන්නේ
සිලි සිලි ගා බෝ කොළ තාලෙට සිහිවන්නේ
අන්න මල්ලි පන්සල වෙත සාදු වඩින්නේ
වැලි මළුවේ ඝණ්ටා හඬ සැම තැන නද දෙනවා
සැමගේ සිත් මෙත් කුලුණින් පිරී තිබෙනවා
සංසාරෙන් එතෙර වෙන්න මඟ පෑදෙනවා
අන්න මල්ලි පන්සල වෙත සාදු වඩිනවා
සඳ එළියෙන් ගම්මානෙම එළිය කරනවා
සැම කළ පව් දුරලාලා පන්සල් යනවා
ගම්මානෙම මෙත්වතුරෙන් උතුරා යනවා
පෝය දිනේ මුළු ගමටම සෙත සැලසෙනවා
තූර්යා නෙත්මි
8 ශ්‍රේණිය,
ර/මීපාගම ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
කලවාන.
![]() |
diary Read more... |