2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:40 - {{hitsCtrl.values.hits}}
දෙව්දහ පුර යන ගමනේ
මගදී දුටු ලුම්බිණියේ
වෙසක් පෝය දිනයක ඒ
සිදුහත් කුමරැ ඉපදුණේ
ඉසිපතනේ මිගදායේ
මල් පිපිලා සුවඳ වුණේ
කාලයෙ පිටු පෙරළුණා
දින වසරට හැරවුණා
සත්‍ය සොයා ගිය සමිඳට
උතුම් දහම හමුවුණා
වර්ෂ අසුවක් ගෙවුණේ
මුළු ලොව කම්පා වූයේ
ලොව දහමින් නැහැවූ ඒ
උතුම් කුසුම පරව ගියේ
අමන්දි නිම්සරා
11 ශ්‍රේණිය,
හලා/කරැක්කුව සුගතානන්ද මහා විද්‍යාලය, මාදම්පේ.
![]() |
diary Read more... |