මගෙ මවුබ්ම

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:47 - {{hitsCtrl.values.hits}}  


ඉන්දියන් මහ සයුරේ     මුතුඇටය
වෙළෙඳ මගෙහි බබළන මිණි     සලකුණය
මහ දූපත් අසලින් ඇති     දිවයිනය
ඇගෙ රෑ සපුව හැමදෙන හට     මනරම්ය

ගංගාවලින් ආභරණය     දිදුලන්නේ
කඳු පන්තියෙන් සිරියාවක් ගෙන     එන්නේ
ගිනිකඳු භූමි කම්පා මෙහි     නොතිබෙන්නේ
සොබාදම් කුමරි අසිරිය ගෙන     දෙන්නේ

හිතකර පරිසරයක් ඇත මෙහි     වසන්නට
බහු ජාතීන් ඇත සමගිව     එකමුතුකමට
පෙර භවයක පින් කර ඇත     උපන්නට
අමතක නොකරමු මවුබිම වෙත     වඳින්නට

ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මැදි මහ විදුහල, 
බලංගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...