2025 අප්‍රේල් මස 20 ප.ව. 12:24 - {{hitsCtrl.values.hits}}
සැමදා වෙහෙසවී නිවසට පැමිණෙන්නේ
මට දුක හිතුණ විට මා තුරැලට ගන්නේ
මගේ සෙවණැල්ල ලෙස මා ළඟ දැවටෙන්නේ
නුඹමයි පියාණනි මගේ විරැවා වන්නේ
මේ ලෝකේ මගේ විරැවාණන් ඔබමයි
හැමවිටකදි මට ඇති එක පැතුම මෙයයි
උපදින හැම භවයෙ මගෙ අප්පච්චි ඔබයි
හොඳ දේවල් පමණක් මා හට දෙන්නේ
ආදරයෙන් සැමදා මගෙ ළඟ ඉන්නේ
ඇස් දෙක ලෙසින් සැමදා මා රුකගත්තේ
ඔබමයි පියාණනි මතුවට බුදුවන්නේ
සචිනි කවීශා මධුෂාණි
8 ශ්‍රේණිය,
මිනු/නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
මිනුවන්ගොඩ.
![]() |
diary Read more... |