2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:51 - {{hitsCtrl.values.hits}}
මගේ ගෙවත්තේ එළවළු පිරිලා
රාබු බීට් අල සරැවට වැවීලා
වත්ත පුරාවට මල් ඇත පිපීලා
සුර විමනක් සේ පෙනේවි මැවීලා
මුකුණුවැන්න සාරණ කංකුන් ගොටුකොළ
නිල්ල ගැසී ඇත බුලත් පාත්තිය
අවට බලන හැම තැනකම තුරැලිය
ගෙනෙයි ගෙවත්තේ ලස්සන අසිරිය
කවිශ්කා සිතුමිණි
4 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය,
වැල්ලවාය.
![]() |
diary Read more... |