මගේ තාත්තා

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:43 - {{hitsCtrl.values.hits}}  

සුදොවුන් නිරිඳුවන් ඔබෙ ගුණ     ගීය
නිරිඳුට තරම් සැප පහසුව නැති     වීය
ලිවුවේ නැතත් ඔබ ගැන නෙක කවි     ගීත
දරැවන් සුරකිනා පියවරැ  ඔබ     සේ ය

විඩා ගතට සුවබර නිදි     කොයින්දෝ
කුඩා කැදැල්ලට රස පල     ගෙනෙන්දෝ
වඩා රකින මිනිසකු ලොව     සිටීදෝ
පියා තරම් දෙවියකු වෙන     කොයින්දෝ

දෑතේ කරගැට රිදුණද     පියාණනි
වේදනා උසුලමින් සිටිය ද     පියාණනි
අපට නොකීවට ඔබ දුක     පියාණනි
උපදින හැම භවයෙ ම මගෙ     පියාණනි

මධුෂානි සෙනෙවිරත්න
10 ශ්‍රේණිය, 
හැරමිටිගල ශ්‍රී ධීරානන්ද විද්‍යාලය,
පිළිමතලාව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...