2025 ජනවාරි මස 08 පෙ.ව. 08:46 - {{hitsCtrl.values.hits}}
සීතල සුළං විහිදන රට සිරි ලංකා
සුන්දර කඳු පන්ති ඇති රට සිරි ලංකා
මනහර ගම්බිම්ද ඇති රට සිරි ලංකා
දළදා වහන්සේ ලද රට සිරි ලංකා
අනුරපුරේ මහ දාගැබ් ඇති සොඳිනේ
පොළොන්නරැවෙ ගල් වෙහෙරත් ඇත සොඳිනේ
දෙදහස් වසරක ඉතිහාසයක් රුකගන්නේ
මෙවන් රටක ඉපදුම මට හරි අගනේ
මධ්‍යම කඳුකරේ අග තැන්පත් වගාවෙන්
රත්නපුරේ අග තැන්පත් මැණික්වලින්
මුළු දේශයම අගතැන්පත් වතුරවලින්
මුළු දේශයම අගතැන්පත් බුදු දහමින්
කෝකිල රංජන
5 ශ්‍රේණිය,
බ/සිරිනිවාස මහ විද්‍යාලය, වෑපස්සාවෙල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |